ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබ සාදරයෙන් පිලිගනිමු.
ගැඹුරු දහම් කරුණු ඉතා සරල බසින් ශ්‍රවණය කිරීමට සහ කියවා දැන ගැනීමට මෙම වෙබ් අඩවිය තුළින් ඔබට අවස්ථාව සලසා ඇත.
තව බොහෝ දෙනාට එම ධර්ම ඥානය ලබා දීම පිණිස මෙම ධර්මදේශනා හඬ පට, වීඩියෝ පට සහ දහම් පොත පත මුද්‍රණය කොට බෙදාදීම සඳහා දායක වීමට ඔබටත් අවස්ථාව ඇත.
මෙම වෙබ් අඩවියෙහි ඇතුළත් ධර්මදේශනා හඬ පට සහ වීඩියෝ පට ඔබට බාගත කරගත හැකි අතර ඒවා අවශ්‍ය නම් පිටපත්කර බෙදා හැරීමටද අවසර ඇත. දහම් පොත් ඔබගේ පරිහරණය සඳහා බාගත කරගත හැකි අතර ඒවා පිටපත් කර බෙදා හැරීමට අවශ්‍ය නම් නිසි අවසරයක් ගත යුතුය. විවිධ ගැටළු මතු විය හැකි බැවින් මෙම වෙබ් අඩවියට ආවේණික වූ නිල ලාංඡන සහ ඊට අදාළ වැකි වෙනත් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමෙන් වලකින්න.
ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන සමාජ සේවා සහ ශාසනික සේවා සඳහාත් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාම සඳහාත් දායක වීමට ඔබට ද අවස්ථාව ඇත.
ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වේවා !